මිනිස්සු බොනවා. ගෑනුත් බොනවා. බොනවා කියලා මනුස්සයකුගේ සිහිය වෙනස්වෙනවා කියන්නේ හැබෑවක්ද? අනේ මන්දා, මාත් බොනවා, ඒත් අපට නම් කියන කරන හැම දෙයක් ම හොඳට මතකයි. ඒත් බිව්වාම සැහැල්ලූවක් දැනෙනවා, සතුටක් දැනෙනවා. කි‍්‍රයාකාරිත්වය ටිකක් අධික වෙනවා. බිව්වා කියලා කෙනෙක් ට දෙයක් මතක නෑ කියලා කියනවා නම් ඒක එයාගේ වාසියට කියන දෙයක්.
මම බීලා කරන කියන දේවල් මට මතක නෑ කියනවා වගේ නෙමේ. ඔයා බීලා ඔයා කරන දේවල් ඔයාට මතක නෑ කියන එක ඔයාලා අනන්තවත් අහලා ඇති. මෙහෙම දිගටම කියද්දි කියද්දි තමන්ටත් හිතෙනවා අනේ මට මතක නෑනේ මෙහෙම කළා කියලා. එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා තමන්ට ම ඒත්තු ගන්වා ගන්නවා. ඒත් අනිත් පුද්ගලයා කියන්නේ බොරුවක් නම්, ඒ කියන්නේ තමුන් බීලා නොකරපු දේවල් කළා කියලා තමුන්ට ඒත්තු ගන්වන්න ඒ පුද්ගලයාට පුළුවන් නම්, ඔයාලට ඒ වගේ බොරු කියලා ඔයාලා අසරණ කරලා, කෙනෙක්ගෙන් සමාව ගන්න වුණොත් කොහොම වෙයිද? උදාහරණයක් ගත්තොත් ඔබ බීලා ඔබේ සැමියාට පිඟානකින් දමලා ගැහැව්වා කියලා සැමියා කිව්වොත්, ඔබට එහෙම දෙයක් කළා කියලා මතක නෑ. ඇත්තටම එහෙම දෙයක් වුණෙත් නෑ. නමුත් ඔබගේ සැමියා ඔබට ඔහුගෙන් එයට සමාව ගන්න සැලස්සුවොත්, ඔබ නොකළ වැරදි ගැන දිගින් දිගටම කියමින් ඔබ වැරදිකාරයෙක් බවට පත්කර වෙනත් ලාභ ප්‍රයෝජන ගන්න කෙනෙක් ඔබේ සැමියා වුණොත් මොකද වෙන්නේ?
ඔබ හිතන්නේ ඔබ මහ අකරුණාවන්ත, ලැජ්ජාවක් බයක් නැති, නින්දිත ලෙස හැසිරෙන ගනිකාවක් වගේ ගැහැනියක් කියලයි. නමුත් ඔබට කවදා හරි වැටහුනා නම්, නෑ, මම මේ දේ කරලා නෑ, මගේ සිහිය විකල් වෙලා නෑ, මම අහන දකින දේ තමයි හරි. මම ඔය කිව්ව කිසි දෙයක් මච්චර කල් කරලා නෑ කියලා අවබෝධ වුණාම මොනවද හිතෙන්නේ? ඒ වාගේ ම ඔබේ සැමියා... නෑ මම ඒක කියන්න යන්නේ නෑ. ඔයාලම කියවලා බලන්න.
•
Dumriye Yuwathiya - දුම්රියේ යුවතිය
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Paula Hawkins
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- ISBN: 9789556972375
- Availability: Available
-
Rs. 1,600.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
The Girl on the Train
Rachel takes the same commuter train every morning and night. Every day she rattles down the track..
Rs. 850.00
Diya Thalaye Sangawunu Rahasa - දිය තලයේ සැඟවුණු රහස
"ඔයා මට කෝල් කරන්න ඕනේ. මට වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා.” ඇගේ අක්කා පොකුණට පැන සිය දිවි නසා ගන..
Rs. 1,650.00
Soragath Mathaka - සොරාගත් මතක
ඇය රහසින් කෙනෙක්ගේ පසු පස යන අය ගැන අසා තිබුණාය නමුත් ඒ වගේ අය අයිති වුණේ වෙනත්, දරුණු ලෝකයකටය. ඇය..
Rs. 750.00
Ra Madiyama - රෑ මැදියම
ප්‍රංශයේ ඉතාමත් දිළිඳු පවුලක උපත ලද රූමත් කාන්තාවක් වූ නොයෙලි ඇගේ දස්කම් සහ උනන්දුව නිසා ඉතා ප්‍රස..
Rs. 900.00
Kulune Yuwathiya - කුලුනේ යුවතිය
මධ්‍යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන්‍යාරාමයක ගත කරන ජීවිතය.වාස්යා තුන්වෙන..
Rs. 2,200.00
Mulawe Diyaniya - මුලාවේ දියණිය
ලන්ඩන් වේදිකාවේ ආදරය, සුප්‍රකට දෙසිරේගේ දියණිය ලෙසින් නොඑල් ට්රැම්ස්ටන් ප්‍රචලිත නමුත් අසම්ප්රදායි..
Rs. 2,250.00
Sirakariya - සිරකාරිය
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයකුගේ අන්තඃපුරයක හුදෙකලා දිවියට සහ නුපුරුද..
Rs. 2,300.00
Mayakariyage Hemanthaya - මායාකාරියගේ හේමන්තය
මායාකාරියගේ හේමන්තය (The Winter of the Witch)මොස්කව් නුවරට මුහුණ දීමට සිදු වෙන දැඩි විපත් හමුවේ කෝපය..
Rs. 2,400.00
Walaha Saha Re Kowula - වලහා සහ රෑ කොවුලා
වලහා සහ රෑ කොවුලා (The Bear and the Nightingale)නවකතා ත්‍රිත්වයේ පළමු ග්‍රන්ථය ඔබට වසිලීසාගේ ලෝකය හඳ..
Rs. 2,000.00